සා/පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ

සා/පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ

by Staff writer 15-03-2020 | 9:03 AM
COLOMBO (News 1st) : පසුගිය වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, එම ප්‍රතිඵල අද නිකුත් කරන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බවයි. එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස විභාග කොමසාරිස් ජනාරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමන බවට පැතිර යන කට කථා ද අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.