යුරෝපා රටවල් 8ක ගුවන් මගීන්ට සති 2ක තහනමක්

යුරෝපා රටවල් 8ක ගුවන් මගීන් මෙරටට ඇතුළු වීම තහනම්

by Staff writer 15-03-2020 | 7:21 AM
COLOMBO (News 1st) : යුරෝපා රටවල් 8 කින් මෙරටට ගුවන් මගීන් රැගෙන ඒම අද සිට සති දෙකක කාලයක් තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. එම රටවල් වන්නේ ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය සහ ඔස්ට්‍රියාවයි. ඒ අනුව ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ අදාළ රටවල සිට ගුවන් මගීන් රැගෙන ඒම තහනම් වනු ඇති. මේ වනවිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී ඇතැයි, සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.