"මගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත්''

"මගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත්'' - අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

by Staff writer 15-03-2020 | 2:23 PM
COLOMBO (News 1st) : තම ස්වාමිපුරුෂයාට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ස්වයං නිරෝධායනයට ලක් කළ විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරිනියට කෝරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි. විදේශ අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ලේ අංශ කිහිපයක් ද විෂබීජ හරණය කිරීමට කටයුතු කර තිබේ. මේ අතර විදේශ කටයුතු ආමාත්‍යවරයාට කෝරෝනා අසාදනය වී ඇති බවට පැතිර යන තහවුරු නොවූ වාර්තා සම්බන්ධයෙන් අප විදේශ කටයතු අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසීමක් සිදු කළේ ය. එහිදී ලේකම්වරයා පැවසුවේ, අමාත්‍යවරයා අදාළ නිලධාරිනියට නිරාවරණය වීමේ කිසිදු අවකාශයක් නොතිබූ බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ, තමන් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බවත් ක්‍රියාකාරිව සිය තනතුරේ රාජකාරීවල නිරතව සිටින බව ත් ය.