රටවල් 3ක ගුවන් ගමන් තාවකාලිකට අත්හිටුවයි

බ්‍රිතාන්‍ය, බෙල්ජියම සහ නොර්වේ ගුවන් ගමන් සති 02කට අත්හිටුවයි - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 15-03-2020 | 4:46 PM

COLOMBO ( News 1st ) - හෙට රාත්‍රියේ සිට බ්‍රිතාන්‍ය, බෙල්ජියම සහ නොර්වේ සිට මෙරටට පියාසර කරන සියලු ගුවන් ගමන් සති 02කට අත්හිටුවන බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.

ඒ, කෙරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම පාලනය කිරීමේ අරමුණින්ය.