ඇප දිය හැකි රැඳවියන් සම්බන්ධයෙන් අවධානය

බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර

by Staff writer 15-03-2020 | 11:57 AM
COLOMBO (News 1st) : බන්ධනාගාරගතව සිටින ඇප ලබාදිය හැකි රැඳවියන් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ .ඩබ්ලිව් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඇප නියම වුවත් එම මුදල් ගෙවීමට නොහැකි රැඳවියන් සිටීම හේතුවෙන් බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතී. එලෙස ඇප නියමව සිටින රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන බව තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය. මේ අතර අනුරාධපුර සහ මීගමුව බන්ධනාගාරවලින් කොරොනා බවට සැක සහිත රැඳවියන් දෙදෙනකු හඳුනාගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවයි. මීට අමතරව බන්ධනාගාරවල සියලු නිලධාරීන්ට මුව ආවරණ ලබාදීමට ද තීරණය කර තිබේ.