COVID-19: කටකතා පැතිර වූ 23ක් ගැන විමර්ශන

කොරෝනා පිළිබදව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් 23 දෙනෙකු ගැන විමර්ශන

by Staff writer 15-03-2020 | 5:31 PM

COLOMBO ( News 1st ) - කොරෝනා වෛරසය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින් 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය දුරකතන අංක කිහිපයක් ද හදුන්වා දී ඇතැයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. ඒ, දුරකතන අංක නම්, 0112444480 , 0112444481, 0115978730, 0115978734 , 0115978720 විද්‍යුත් තැපැල් ලිපිනය [email protected]