එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිය රට බලා පිටත්ව යයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සිය රට බලා පිටත්ව යයි

by Staff writer 15-03-2020 | 10:49 AM
COLOMBO (News 1st): ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව ගියේ ය. ඒ ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය සිකුරාදා දිනයේදී දින නියමයක් නොමැතිව කල් දැමීම නිසයි. ශ්‍රී ලංකාව තුළ මෙන්ම එංගලන්තය තුළ ද පවතින කොරෝනා වයිරසයේ බලපෑම පිලිබදව සැලකිල්ලට තරගවාලිය කල්දැමීමට තීරණය කළේ ය. ඒ , දෙරටේ ක්‍රිකට් බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති තුන් දින පුහුණු ක්‍රිකට් තරගයද පසුගිය සිකුරාදා අවසන් කිරීමට සිදු විය. එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රී 9ට දිවයිනෙන් පිටත්ව ගියේ ය.