JUST IN: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළට

JUST IN: මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළට

by Staff writer 14-03-2020 | 3:21 PM
COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා ය. ඒ අනුව චීන ජාතික කාන්තාවත් සමග මෙරටින් තහවුරු වූ සම්පූර්ණ කොරෝනා රෝගීන් ගණන 8කි. ඒ, මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, ජනතාව රැස්වන උත්සව පැවැත්වීම සඳහා මින් ඉදිරියට පොලීසීයේ අවසරය ලබාගැනීම අනිවාර්ය බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1106533263026028/   මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ලබන බදාදා වන විට අඩු කරන බව එම මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.