by Staff writer 14-03-2020 | 9:52 PM
COLOMBO (News 1st) : රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු ආයතනවලට ලබන සඳුදා නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.
ලබන සඳුදා එලෙස නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත්තේ කොරෝනා මැඩලීම සඳහා රාජ්‍ය ආයතන සුදානම් කරවීමේ සහ රෝගය පාලනය කිරීමේ අරමුණිනි.
එම දිනය විනෝද චාරිකා සඳහා භාවිත නොකර, රජය ගෙනයන කොරෝනා නිරෝධායන වැඩපිළිවෙළට සහාය වීම සඳහා භාවිත කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කළේ ය.
රාජ්‍ය ආයතන, කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා සූදානම් කරවීමේ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වේ.
පවතින තත්ත්වය තුළ සේවක සහ මහජන ආරක්ෂාව සුරක්ෂිත වන අයුරින් ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති.