by Staff writer 14-03-2020 | 7:14 PM
COLOMBO (News 1st) : කොරොනා ව්‍යාප්තියත් සමග වනජීවි අමාත්‍යාංශය යටතේ පවතින දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, රිදියගම සෆාරි උද්‍යානය ඇතුළු ආයතන කිහිපයක් හෙට සිට සති දෙකක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින යාල වනෝද්‍යානය ඇතුළු සියලු වනෝඋද්‍යානත්, මිරිස්ස, සහ කල්පිටිය ඩොල්ෆින් මසුන් නැරඹීමේ මධ්‍යස්ථානයත් එම කාලය තුළ වසා තැබෙනු ඇති.
මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සිංහරාජය, රිවස්ටන්, කන්එළිය, මහනුවර උඩවත්ත කැලේ සහ හබරණ හුරුළු රක්ෂිතය ද වසා තැබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.