by Sagarika Chathumali 14-03-2020 | 10:54 PM
COLOMBO (News 1st) : විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වෛද්‍ය උපදෙස් මත මේ වනවිට නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනයකට ද යටත් කර ඇති අතර ඇය සමග අදාළ කාලසීමාවේ රාජකාරි කළ කාර්ය මණ්ඩලය ද ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇතැයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.