එක් රැඳවියෙකු බැලීමේ අවසරය එක් අමුත්තෙකුට පමණයි

රැඳවියන් බැලීමට එන අමුත්තන් ගණන සීමා කෙරේ

by Staff writer 14-03-2020 | 5:14 PM
COLOMBO (News1st) : බන්ධනාගාර රැඳවියෙකු බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව එක් අයෙකුට සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රටේ ව්‍යාප්ත වෙමින් පවතින කොරොනා තත්ත්වය හේතුවෙන් රැඳවියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. මීට පෙර බන්ධනාගාර රැඳවියක් බැලීමට අමුත්තන් තිදෙනෙකුට අවස්ථාව දී තිබු බව ද ඔහු සඳහන් කළේ ය.