නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන්

නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන්

by Staff writer 14-03-2020 | 6:12 PM
COLOMBO (News 1st) : කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 141 වැනි නිල් මහ සටන ක්‍රිකට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 369ක් රැස් කළේ ය. ශලින් ද මෙල් ලකුණු 85ක් රැස් කළ අතර රයන් ප්‍රනාන්දු ලකුණු 70යි. ගිහාන් බාලසූරිය සහ කවිදු පතිරණ අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ. පිළිතුරු ලෙස රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස් කරගෙන සිටියදීයි. ඉසිවර දිසානායක ලකුණු 42ක් රැස් කළේ ය. දසිස් මංචනායක නොදැවී ලකුණු 53ක් රැස් කරගෙන සිටියේ ය. යසිරු රොඩ්රිගෝ, කිෂාන් මුණසිංහ සහ උමයංග සුවාරිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් රයන් ප්‍රනාන්දු ලකුණු 34ක් රැස් කළේ ය. ගිශාන් බාලසූරිය ලකුණු 50ට කඩුලු 4ක් ලබාගත්තේ ය. අද තරගය නතර කරන විට ශාන්ත තෝමස් කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 127ක් රැස් කරගෙන සිටියේ ය. ඒ අනුව පසුගිය වසරේදී ඩී.එස් සේනානායක අනුස්මරණ පලිහ දිනූ ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායමට තවදුරටත් එය තමන් සතුව රඳවා ගැනීමේ අවස්ථාව හිමි විය.