COLOMBO (News 1st) : මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගී සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
රෝගියා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකි.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, කොරෝනා අසාදිත බවට සැක කෙරෙන රෝගීන් 103 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 35කි.
ඒ අතර විදේශිකයෙකු ද වේ.
ජාතික රෝහලේ ද එක් පුද්ගලයෙකු ප්‍රතිකාර ලබන අතර රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6 කි.
ඒ අතර විදේශිකයෙකු ද සිටී.
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස 8කි.
කුරුණෑගල රෝහලේ පුද්ගලයින් 16 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර මහනුවර රෝහලේ පුද්ගලයින් 4 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.
අනුරාධපුර රෝහලේ අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙකි.
යාපනය රෝහලේ පුද්ලයින් දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබන බව සඳහන් ය.
ගම්පහ රෝහලේ පුද්ලයින් 13න් දෙනක් ප්‍රතිකාර ලබන අතර මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6කි.
රත්නපුර රෝහලේ පුද්ලයින් තිදෙනෙක් ද බදුල්ල රෝහලේ පුද්ගලයින් දෙදෙනෙක් ද ප්‍රතිකාර ලබමින් සිටිති.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ද තිදෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසී ය.
මේ අතර කොරෝනා බවට සැකපිට පෝලන්ත ජාතිකයින් සිව් දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබේ.
ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ පැවසුවේ, අදාළ පෝලන්ත ජාතිකයින් සිව් දෙනා අද පෙරවරුවේ විදෙස්ගත වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිය භාරයට ගත් බවයි.
අනතුරුව ඔවුන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරිණ.
ඔවුන් දිවයිනේ රැඳී සිටි කාලය තුළදී සංචාරය කළ ස්ථාන පිළිබඳව විමර්ශනය කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.
