සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දැමේ

සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සති 2 කට වසා දමයි

by Staff writer 13-03-2020 | 11:55 AM

COLOMBO (News 1st) - සියලු රජයේ විශ්වවිද්‍යාල හෙට (14) සිට සති 2 ක කාලයක් වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ, අද පෙරවරුවේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවති සාකච්ඡාවකදීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, කොරෝනා වෛරසය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි. මේ අනුව සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලාද නොපැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය.