ලාංකිකයින් විදෙස් රැකියාවලට යෑම අත්හිටුවයි

ලාංකිකයින්ට රැකියා සඳහා විදෙස්ගත වීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 13-03-2020 | 4:13 PM

COLOMBO ( News 1st ) -  ලොවවටා සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් විදෙස් රැකියාවලට පිටත්ව යෑම සඳහා අවසර දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිව්ස් ෆස්ට් කළ විමසීමකින් මෙය තහවුරු කර තිබේ.