යුරෝපා රටවල් 8 ක සිට එන මගීන්ට සති දෙකක තහනමක්

යුරෝපා රටවල් 8 ක සිට එන මගීන්ට සති දෙකක තහනමක්

by Staff writer 13-03-2020 | 7:21 PM

COLOMBO  ( News 1st ) - යුරෝපා රටවල් 8 කින් මෙරටට ගුවන් මගීන් රැගෙන ඒම ලබන 15 වැනිදා සිට සති 02ක කාලයක් තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

එම රටවල් වන්නේ ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විඩනය සහ ඔස්ට්‍රියාවයි. ඒ අනුව, ලබන 15 වැනිදා රාත්‍රි 11.59 සිට ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ අදාළ රටවල සිට ගුවන් මගීන් රැගෙන ඒම තහනම් වේ. මීට අමතරව හෙට සිට දකුණු කොරියාව , ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 02ක කාලයක් බලාත්මක බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.