පුද්ගලයින් නිරෝධායනයට අද සිට තව ත් මධ්‍යස්ථාන 2 ක්

මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට අද සිට තව ත් මධ්‍යස්ථාන 2 ක්

by Staff writer 13-03-2020 | 7:20 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවන රටවල් වන දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට මධ්‍යස්ථාන තුනකදී සිදු කෙරෙන බව යුද හමුදාව පවසයි.

මේ වනවිට එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් කෙරෙන පිරිස 1150 කි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, අද සිට තව ත් නිරෝධායන මධ්‍යස්ථාන 2 ක් පිහිටුවන බවයි.