by Staff writer 13-03-2020 | 6:13 PM
COLOMBO ( News 1st ) - පොදු ප්‍රවාහනයට යොදා ගන්නා බස් සහ දුම්රිය හෙට සිට විෂබීජහරණය කිරීමට තීරණය කර තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ය.
ආරක්ෂක අංශවල සහයෙන් එම කටයුත්ත සිදුකෙරෙනු ඇති.
එසේම යුරෝපා ජාතිකයින්ට වීසා නිකුත් කිරීම සති 02කට අත්හිටුවන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් උපදෙස්දී ඇත්තේ යුරෝපා රටවල සිට පැමිණෙන ලාංකිකයින් දින 14 ක් නිරෝධායනයට ලක් කරන ලෙසයි.
ජන රාශිය බහුල අවස්ථා සහ උත්සව සීමා කිරීමට ද එහිදී තීරණය කෙරුණි.