දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක ගින්නක්

by Staff writer 13-03-2020 | 8:08 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 3.6 ස්ථානයේදී බස් රථයක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාතර දෙසට ඇති මංතීරුවේ ධාවනය වූ බස් රථයක ගින්න හටගෙන ඇති බවයි. ගින්න මැඩ පැවැත්වීමට සේවා රථයක් යොමු කර තිබේ. පසුගිය මාර්තු 01 වැනිදා ද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලංගම බස් රථයක ගින්නක් ඇතිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1571295122994053/