ජ'පුර සරසවියේ සිසුන් 15 කට පන්ති තහනමක්

ජ'පුර සරසවියේ සිසුන් 15 කට තාවකාලික පන්ති තහනමක්

by Staff writer 13-03-2020 | 12:23 PM

COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනෙකුට තාවකාලික පන්ති තහනමක් පනවා තිබේ.

එහි විනයාධිකාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙකු උත්සවයක් අතරතුර සිදුවීමකදී බරපතළ තුවාල ලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම පන්ති තහනම පැන වූ බවයි.