කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් සොයා විමර්ශන

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකියන් ඇසුරු කළ පුද්ගලයින් සොයා විශේෂ පරීක්ෂණ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 13-03-2020 | 7:05 AM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, ඒ පිළිබඳව යුද හමුදාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබා ගන්නා බවයි. ඔවුන් රැඳී සිටි හෝටල් ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඇය සඳහන් කළා ය.