අපිට අමතක නෑ - බැසිල් රාජපක්ෂ

අපි අමතක කළ යුතු නෑ අපි අමතක කරන්නෙත් නෑ - බැසිල් රාජපක්ෂ

by Chathuranga Rajapaksha 13-03-2020 | 10:38 PM

COLOMBO (News 1st): ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා අත්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පොහොට්ටුව පාරේ ඇවිද්දවනවා කිව්ව අයත් පොහොට්ටුව සමග එකතු වී සිටින බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය. "අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා YOU CAN FORGIVE NOT FORGET කියලා. අපිට ඕනේ කෙනෙක්ට සමාව දෙන්න පුළුවන් හැබැයි අපි අමතක කළ යුතු නෑ අපි අමතක කරන්නෙත් නෑ කියන එකත් අපි කියන්න ඕනේ.මොකද අපි අමතක කරොත් අපිට වෙච්ච දේ අපි 15 දි පැරදිච්ච දේ අපි හරි මගේ යන්නේ නෑ." බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා ගම්පහදී පැවති උත්සවයකදී ය.