by Staff writer 13-03-2020 | 8:55 AM
COLOMBO (News 1st) - දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස රජය සියලු ගුවන් සමාගම්වලට දැනුම්දී තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, එම තීරණය හෙට සිට සති 2 ක කාලයක් බලාත්මක බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.