කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියක් තුළ තෙවැනි වරටත් අත්හිටුවයි

by Staff writer 13-03-2020 | 11:01 AM

COLOMBO (News 1st) - සතියක් තුළ තෙවැනි වරටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද අත්හිටුවා තිබේ.

ඒ, S&P SL 20 දර්ශක අගය 5% කට වැඩි අගයකින් පහළ යෑම හේතුවෙනි. කොටස් වෙළෙඳපොළ පිරිවැටුම අද පෙරවරු 10.30 වනවිට පැවතියේ රුපියල් මිලියන 201 ක් ලෙසයි.