ශ්‍රී ලංකාවේ තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

Update: තවත් ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි

by Chathuranga Rajapaksha 12-03-2020 | 4:44 PM

COLOMBO (News 1st): කොරෝනා වෛසරය (COVID-19) ආසාදන වී අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවන අයෙකු බව ය. රෝගියා මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබමින් සිටී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එම පුද්ගලයා ද සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු බව ය. ඔහු සහ ඊයේ දිනයේදී කොරෝනා වැළඳුණු බවට තහවුරු කරගත් 52 හැවිරිදි සංචාරක මගපෙන්වන්නා දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක එකම කාමරයේ නවාතැන් ගෙන තිබෙන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත වූ බවට තහවුරු කරගත් රෝගීන් ගණන 2කි. https://www.youtube.com/watch?v=OHuOaGKSkAg