හොලිවුඩ් නළු හැන්ක්ස් සහ බිරිඳටත් කොරෝනා

හොලිවුඩ් නළු ටොම් හැන්ක්ස් සහ බිරිඳටත් කොරෝනා වැළඳෙයි

by Sagarika Chathumali 12-03-2020 | 4:56 PM
COLOMBO (News 1st) : ඔස්කාර් සම්මානලාභි නළු ටොම් හැන්ක්ස් සහ ඇයගේ බිරිඳ රීටා විල්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෛරසය වැළඳුණු ඔවුන් දෙදෙනා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රැඳී සිටින බවයි. ටොම් ඉන්ස්ට්‍රග්‍රෑම්හි සටහනක් තබමින් පවසා ඇත්තේ,සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු වෛද්‍ය උපදෙස් ලබා ගත් බවයි. කෙසේ වෙතත් විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ, 63 හැවිරිදි ටොම් හැන්ක්ස් සහ බිරිඳ ඔවුන් දැනට ස්ථාවර තත්ත්වයකින් පසුවන බවයි. ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ, චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහායි.