රටවල් කිහිපයකට සෞදියෙන් සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සෞදියෙන් සංචාරක තහනමක්

by Staff writer 12-03-2020 | 10:24 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞදි අරාබිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක තහනමක් පැනවීමට සහ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අතරට යුරෝපා සංගමයේ සාමාජික රටවල්, ස්විට්සර්ලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, සූඩානය ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත්ය. එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගත් බව ද සෞදි අරාබිය වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් සෞදි අරාබියේ මෙම තීරණය එරට සේවය කරන පිලිපීන සහ ඉන්දීය සෞඛ්‍ය සේවකයන්ට අදාළ වන්නේ නැත . සෞදි අරාබියේ සිටින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45 කි.