ලංකාවේ කොරෝනා මර්දනයට චීනයේ පූර්ණ සහය

ලංකාවේ කොරෝනා මර්දනයට චීනයේ පූර්ණ සහය

by Staff writer 12-03-2020 | 4:28 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන රජය පවසයි. ශ්‍රී ලංකාවේ වැඩබලය චීන තානාපති හූ වෙයි මහතා මේ බව ප්‍රකාශ කළේ, චීන තානාපති කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවෙමිනි. කොරෝනා වෛරසය මර්දනය සඳහා ශ්‍රී ලංකාව ලබාදුන් සහය චීන ජනපතිගේ සහ එරට ජනතාවගේ පැසසුමට ලක්වූ බව ද ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපතිවරයා පවසා තිබේ. ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා ආසාදිතව මෙරට සිටි චීන ජාතික කාන්තාවට ප්‍රතිකාර කර සුවපත් කිරීම සහ ඇයව ආදරයෙන් රැකබලා ගැනීම පිළිබඳව සිහිපත් කරමිනි. කොරෝනා වෛරසය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු ඕනෑම සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය පසුබට නොවන බව ද වැඩබලන තානාපතිවරයා සඳහන් කර තිබේ. පසුගිය මාස තුනක කාලය තුළ කොරෝනා මර්දනයට චීන රජය ගන්නා ලද ක්‍රමෝපායන් ඇතුළත් වාර්තාවක් වැඩබලන තානාපතිවරයා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියට පිළිගන්වා තිබේ.