මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

by Staff writer 12-03-2020 | 7:04 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට අදාළව නාමයෝජනා පත්‍ර භාර ගැනීම අද ආරම්භ වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ආරම්භ කෙරෙන බවයි. මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම ලබන 19 වැනි දා මධ්‍යහන 12 න් අවසන් බව මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේය. මේ අතර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ මස 19 වැනි දා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.