කොළඹ සියලුම පෞ.හා ජාත්‍යන්තර කතෝලික පාසල් වැසෙයි

කොළඹ සියලුම පෞ.හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වැසෙයි

by Staff writer 12-03-2020 | 3:35 PM

Colombo (News 1st) – කොළඹ කතෝලික අධ්‍යාපන කාර්යාලය කොළඹ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

මෙම පාසල් හෙට සිට මාර්තු 26 දක්වා වසා තබන බව එම කාර්යාලය සඳහන් කරයි. කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීමට මෙම තීරණය ගෙන ඇත.