කොරෝනා ගැන කට කතා පැතුරුවහොත් වැඩ වරදී

කොරෝනා ගැන සමාජ මාධ්‍ය තුළ කට කතා පතුරවන්නන්ට එරෙහිව නීතිමය පියවර

by Staff writer 12-03-2020 | 11:47 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසර්ණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.