කාදිනල් හිමිපාණන් සහ අගමැති අතර හමුවක්

කාදිනල් හිමිපාණන් සහ අගමැති අතර හමුවක්

by Staff writer 12-03-2020 | 10:27 PM
COLOMBO (News 1st) : කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ අගරදගුරු නිල නිවසේදී පැවැත්විණ. මෙම හමුවේදි අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වය සහ කොරෝනා වෛරසය පිළිබඳව අවධානයට ලක්විය. එමෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත් වූ නිවාස සහ දේවස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කාදිනල් හිමිපාණන් මෙහිදි සාකච්ඡා කර තිබේ.