ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සෞදියෙන් සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සෞදියෙන් සංචාරක තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සෞදියෙන් සංචාරක තහනමක්

කර්තෘ Staff writer

12 Mar, 2020 | 10:24 am

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞදි අරාබිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක තහනමක් පැනවීමට සහ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අතරට යුරෝපා සංගමයේ සාමාජික රටවල්, ස්විට්සර්ලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, සූඩානය ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත්ය.

එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගත් බව ද සෞදි අරාබිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් සෞදි අරාබියේ මෙම තීරණය එරට සේවය කරන පිලිපීන සහ ඉන්දීය සෞඛ්‍ය සේවකයන්ට අදාළ වන්නේ නැත .

සෞදි අරාබියේ සිටින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]