මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

කර්තෘ Staff writer

12 Mar, 2020 | 7:04 am

COLOMBO (News 1st) – මහ මැතිවරණයට අදාළව නාමයෝජනා පත්‍ර භාර ගැනීම අද ආරම්භ වේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු ආරම්භ කෙරෙන බවයි.

මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම ලබන 19 වැනි දා මධ්‍යහන 12 න් අවසන් බව මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේය.

මේ අතර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ මස 19 වැනි දා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]