වැල්ලවත්ත - බත්තරමුල්ල නව බෝට්ටු සේවයක්

වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා අද සිට නව මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

by Staff writer 11-03-2020 | 7:27 AM

COLOMBO (News 1st) - වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා නව මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් අද ආරම්භ කෙරේ.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී සොයිසා මහතා සඳහන් කළේ, සෑම පැය භාගයකටම වරක්ම යාත්‍රාවක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි. එක යාත්‍රාවක මගීන් 16 දෙනෙකු රැගෙන යා හැකි බව ද ඔහු පැවසීය. මීට පෙරද වැල්ලවත්ත ඇළ මාර්ගය හරහා මගී ප්‍රවාහන යාත්‍රා සේවයක් ආරම්භ කළ ද එය විවිධ හේතු මත මේ වනවිට ඇණහිට තිබේ.