කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ලාංකිකයෙකු IDH රෝහලේ

මූලික පරීක්ෂණ අනුව කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලාංකිකයෙකු IDH රෝහලේ

by Staff writer 11-03-2020 | 8:50 AM

COLOMBO (News 1st) - කෙරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයෙකු අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යය අංශ පවසයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඒ බව මූලික පරීක්ෂණවලින් පමණක් තහවුරු වී ඇති බවය. කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයා 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු බවත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේ ය.