by Staff writer 11-03-2020 | 11:50 AM
COLOMBO (News 1st) - මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ ආරක්ෂක නිලධාරිනියකට පහරදුන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ ආරක්ෂක නිලධාරිනියකට කිසියම් පිරිසක් පසුගිය සිකුරාදා පහරදී ඇත.
කාන්තාවක් හා තව ත් පුද්ගලයින් තිදෙනෙකු ආරක්ෂක නිලධාරීනියට පහර දෙන අයුරු පාසලේ CCTV කැමරාවේ සටහන්ව තිබුණි.
පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරිනිය මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.