ජ'පුර සිසුන් 5 දෙනෙකු මිරිහාන පොලීසියට

ජ'පුර සරසවියේ සිදුවීමට අදාළව සිසුන් 5 දෙනෙකු මිරිහාන පොලීසියට

by Staff writer 11-03-2020 | 3:06 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු මිරිහාන පොලීසියට රැගෙනවිත් තිබේ.

ඒ, එම සරසවියේ ශිෂ්‍යයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළ ප්‍රශ්න කිරීම සඳහායි. අදාළ සිසුවා තුවාල ලැබීමට හේතු වූ ටයරය පෙරළු සිසුවා බවට සැක කරන අයද ප්‍රශ්න කිරීමට රැගෙන ආ 05 දෙනා අතර සිටින බව පොලීසිය ප්‍රකාශ කළේ ය . පසුගියදා ජයවර්ධනපුර සරසවියේදී ටයරයක් ඇගට වැටීමෙන් තුවාල ලැබූ  සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.