ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-03-2020 | 6:16 AM

දේශීය පුවත්

1. අබුඩාබි නගරයේ ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ගල්ෆ් නිව්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ය. 2. ජ’පුර සිසුවාගේ සිදුවීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් සරසවියට: ටයරයක් වැදී සිසුවෙකුට තුවාල සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් කණ්ඩායමක් සමග ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගොස් තිබේ. 3. රවී කරුණානායක ඇතුළු සිව්දෙනා ගොනු කළ රීට් පෙත්සම් සළකා බැලීම අද: බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සළකා බැලීම සඳහා අද කැඳවීමට නියමිතය. 4. මීගමුවේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙන් 7 ක් අත්අඩංගුවට: මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5. සිංගිමලේ රක්ෂිතයේ යළි ගින්නක්: හැටන්, සිංගිමලේ රක්ෂිතයේ යළි ගින්නක් හටගෙන තිබේ.