by Staff writer 11-03-2020 | 10:22 PM
News 1st - කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
වසංගත තත්ත්වයක් ලෙස රෝගයක් නම් කෙරෙන්නේ එය විශාල භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදී එනම් මහාද්වීප කිහිපයක් පුරා ව්‍යාප්ත වන පසුබිමකදීය.
මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 4300 ක්.
ආසාදිතයන් සංඛ්‍යාව 119,711 ක් ලෙස සඳහන්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඩෙට්රෝස් ඇඩනොන් සඳහන් කළේ, කොරෝනා වෛරසය අධිඅවදානම් තත්ත්වයෙන් ලොව පුරා ව්‍යාප්ත වීමත් එය මර්දනය කිරීමට රටවල් ගනු ලබන පියවර අවමවීමත් හමුවේ මෙය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.
පැතිර යන කොරෝනා වෛසරය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීමත් සමග ඉතාලියේ සියලුම වෙළෙඳසැල් වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආහාර වෙළෙඳසැල් හා ෆාමසි හැරුණු කොට අනෙකුත් ඉතාලියේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇති බවයි.
එමෙන්ම අවන්හල්, රූපලාවන්යාගාර සහ අත්‍යවශ්‍ය නොවන සාමාගම් හා දෙපාර්තමේන්තුව වසා තැබිය යුතු බව ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ ප්‍රකාශ කළේ ය.
මාර්තු 25 වැනි දා දක්වා එම ස්ථාන වසා තැබීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ චීනයෙන් පිටත වෛරසයේ ව්‍යාපෘතිය සති දෙකක කාලයක් තුළ 13 න් ගුණයකින් ව්‍යාප්ත වී ඇති බවයි.
ලෝකයේ රටවල් කිහිපයකම එකමවර වෛසරය ඉතා සීඝ්‍රයන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කොරොනා වෛසරය ආසාධිතයින් ඉතාලියෙන් මේ වනවිට 12000 ක් පමණ හමුව ඇති අතර මියගිය සංඛ්‍යාව 827 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ඉරානයේ හා ඉතාලියේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවත් ඉදිරියේදී තවත් රටවල මෙම ත්ත්ත්වය උද්ගත විය හැකි බවයි.
ඩෙන්මාර්කයේ කොරෝනා වෛසරය ආසාධිතයින් 514 දෙනෙකු හමුවී ඇති පසුබිමකදී එරට සියලු පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇත.
අත්‍යවශ්‍ය රාජකාරින්හි නිරත නොවන රාජ්‍ය නිලධාරීන් ද ඉදිරි දිනයන්හිදී නිවාඩු යැවීමට ඩෙන්මාර්ක් රජය තීරණය කර ඇති බව සඳහන්.
ඉන්දියාව අප්‍රේල් 15 වැනි දා දක්වා විදේශිකයන්ට වීසා ලබාදීම අත්හිටුවා තිබේ.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ග්වාතමාලාවද යුරෝපීය ජාතීකයින්ට රට තුළට ඇතුල්වීම තහනම් කර ඇති බවයි.
කොරෝනා වෛරසයෙන් ඉරානයේ පුද්ගලයින් 354 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 9000 කට පමණ වෛසරය අසාධනය වී තිබේ.
ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් සඳහන් කළේ, ජනගහනයෙන් 70% කට පමණ එනම් මිලියන 58 පමණ වෛරසය අසාධනය විය හැකි බවයි.