ලොව ප්‍රධාන ගුවන් සේවාවලට අ.ඩො.බිලියන 70 ක පාඩුවක්

කොරෝනා හේතුවෙන් ලොව ප්‍රධාන ගුවන් සේවාවලට අ. ඩො. බිලියන 70 ක පාඩුවක්

by Staff writer 11-03-2020 | 12:31 PM

News 1st - කොරෝනා වෛරසයේ බලපෑමෙන් ලොව ප්‍රධාන ගුවන් සේවාවලට අමෙරිකානු ඩොලර් බිලියන 70 ක පාඩු සිදුව ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය වන අතර වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ගුවන් ප්‍රවේශපත් සඳහා පවතින ඉල්ලුම ද සීඝ්‍රයෙන් පහතවැටී ඇති බවයි. වෛරසය පැතිරයාමත් සමග චීනය, දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු ආසාදිතයන් බහුතරයක් වාර්තා වූ රටවල් වෙත සිදු කෙරුණු ගුවන් ගමන්වාර අත්හිටුවීම මෙලෙස ලොව ප්‍රධාන ගුවන් සේවා බලපෑමට ලක්වීමට හේතුවිය.