by Staff writer 11-03-2020 | 11:23 AM
COLOMBO (News 1st) - මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදීය.
අද පස්වරු 3.30 ට සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට හෝ නියෝජිතයින්ට සහභාගී වන්නැයි දැනුම් දුන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙහිදී මහ මැතිවරණයට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කටයුතු සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.