
ජ’පුර සරසවි සිසුවාගේ තත්ත්වය සුව අතට
ජ’පුර සරසවි සිසුවාගේ තත්ත්වය සුව අතට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවා සුව අතට හැරෙමින් ඇතැයි කොළඹ ජාතික රෝහල පවසයි.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, සිසුවා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය පැවසුවේ ය.
පොලීසිය පැවසුවේ, තුවාල ලැබු සිසුවාගේ සහෝදරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විමර්ශනයට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් කිහිපයක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මකය.
පසුගිය 5 වැනි දා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ගේ මුලිකත්වයෙන් උත්සවයක් සංවිධානය කර ඇති අතර රාත්‍රී 8.30ට පමණ එය අවසන් වුවද මෙම සිසුවා සහ තවත් සිසුන් පිරිසක් මධ්‍යම රාත්‍රිය පසුවනතුරුත් විශ්වවිද්‍යාලයේ රැඳී සිට ඇතැයි එහි බලධාරීන් පවසති.
ඔහුගේ මිතුරෙකු සඳහන් කළේ, පසිදු හිරුෂාන් ජලය පානය කිරීමට ජල කරාමයක් අසළට ගිය අවස්ථාවේ උස් ස්ථානයක සිට පෙරළී ආ ටයරයක් ඔහුගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි