UPDATE : කොටස් වෙළඳපළ ගනුදෙනු යළි අරඹයි

UPDATE : කොටස් වෙළඳපළ ගනුදෙනු යළි අරඹයි

by Staff writer 10-03-2020 | 11:28 AM
COLOMBO (News 1st) : අද පෙරවරුවේ අත්හිටුවනු ලැබු කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු යළි ආරම්භ කර තිබේ. කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අද පෙරවරුවේ අත්හිටුවනු ලැබුවේ , ප්‍රධාන මිල දර්ශක අගයන් පහත වැටීම හේතුවෙනි. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5% කින් පහත වැටිණ. කොටස් වෙළඳපළ සමස්ත මිල දර්ශක අගය පහළ ගියේ 2.7% කිනි. ඒ අනුව අද පෙරවරු 11.7 වන විට කොටස් වෙළඳපළ පිරිවැටුම සටහන් වුණේ රුපියල් මිලියන 278 .3 ක් ලෙසයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------

JUST IN : කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු අත්හිටුවයි

COLOMBO (News 1st) 10.04 AM  : කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ. ඒ , අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීමත් සමගයි. කොටස් වෙළඳපොළ සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහත වැටිණ. දෛනික පිරිවැටුම මේ වන විට සටහන් වන්නේ රුපියල් මිලියන 69 ක් ලෙසයි.