මීගමුවේ දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙකු මරුට

මීගමුව, පෙරියමුල්ලේ දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 10-03-2020 | 1:50 PM
COLOMBO (News 1st) : මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, එම ප්‍රදේශයේ හෝටලකයට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු මත්පැන් පානය කිරීමට උත්සහ කර ඇති බවයි. එහිදී හෝටල් හිමිකරු සහ සේවකයින් එය වැළැක්වීමට උත්සහ ගෙන ඇති අතර එහිදී අදාළ පුද්ගලයින් සමග ආරවුලක් ඇතිවී තිබේ. පොලීසිය වැඩිදුරත් සඳහන් කළේ, අදාළ පුද්ගලයින් හෝටල් හිමිකරුට සහ සේවකයින්ට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇති බවයි. එහිදී බරපතළ ලෙස තුවාල ලැබු පුද්ගලයින් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී 36 හැවිරිදි ගනේවැල්පොල, කැකිරාව ප්‍රදේශයේ පදිංචි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ 18 හැවිරිදි සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලීසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.