මීගමුවේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙන් 7 ක් අත්අඩංගුවට

by Staff writer 10-03-2020 | 4:58 PM

COLOMBO (News 1st) - මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනෙකු අද දහවල් නීතිඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියට අවශ්‍යව සිටි තව ත් එක් සැකකරුවෙකු අද උදෑසන මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ය. සැකකරුවන් හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 06 දෙනෙකු ඊයේ රාත්‍රියේදී හෝටල් හිමිකරු සහ සේවකයින් සමග ගැටුමක් ඇති කර ගෙන තිබේ. හෝටලයට පැමිණි පුද්ගලයින් මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයින් එය වැළැක්වීමට උත්සහ ගැනීමේදී ගැටුම හටගෙන තිබෙන බව පොලීසිය පැවසීය. අදාළ පුද්ගලයින් එහිදී හෝටල් හිමිකරුට සහ සේවකයින්ට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් තිබේ. පහරදීමෙන් සේවකයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. පහරදීමෙන් 04 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, පසුව අදාළ පුද්ගලයින් හෝටල් හිමිකරුට සහ සේවකයින්ට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇති බවයි. එහිදී බරපතළ ලෙස තුවාල ලැබු පුද්ගලයින් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 36 හැවිරිදි ගනේවැල්පොල, කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.