COLOMBO ( News 1st ) - වියත්මග සංවිධානය නියෝජය කරන මහාචාර්ය චරිත හේරත් මහතාගේ දේශපාලන ආධාරකරුවෙකුට සිදු කළ පහරදීමක් හේතුවෙන් කුලියාපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද උදෑසන මෙය සිදුව ඇති අතර පහරදීමට ලක්වූ කසුන් සමීර නැමැත්තා ප්‍රකාශ කළේ, තමන් ත්‍රීරෝද රථයකින් නිවසින් පිටත් වීමට සූදානම් වීමේදී පහරදීම සිදුවූ බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය ආසන සංවිධායක සමන්ප්‍රිය හේරත් මහතා
මං දැනගත්තා ආකාරයට බහින් බස්වීමක් මත සිදුවෙච්ච සිදුවීමක්. මේකට කිසිම දේශපාලන ක්‍රියාවලියක් සම්බන්ධ නැහැ. මම මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න සුදානමින් සිටි පුද්ගලයෙක් . මගේ චරිතය විනාස කරන්න හදනවා නම් ඒක බොහොම පිළිකුල් සහගත දෙයක් කියන එක කියන්න ඕන.
මේ අතර අද පස්වරුවේ මහාචාර්ය චරිත හේරත් මහතා කුලියාපිටිය රෝහලට පැමිණ තුවාල ලැබූ සිය ආධාරකරුගේ තත්ත්වය විමසා බැලුවේ ය.
එමෙන්ම මෙවැනි ක්‍රියා දේශපාලනය තුළ නරක ආදර්ශයක් බව මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ ය.