පිටරට සිට ආ 181ක් බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන යයි

පිටරට සිට ආ 181ක් බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන යයි

by Staff writer 10-03-2020 | 11:57 AM
COLOMBO (News 1st) : දකුණු කොරියාව සහ ඉතාලියේ සිට ගුවන් මගින් අද අලුයම දිවයිනට පැමිණි පුද්ගලයින් 181 දෙනෙකු නිරෝධායනය සඳහා බැටික්ලෝ කැම්පස් වෙත යොමු කර තිබේ. මගීන් 166 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ සිට අද අලුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ, කාර්යය භාර කළමනාකරු ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් 02 දෙදෙනෙකු ඒ අතර වන බවයි. පිරිසට මෙරටට රැගෙන විත් ඇත්තේ දකුණු කොරියාවට අයත් කේඊ 473 දරණ ගුවන් යානයෙනි. මේ අතර මගීන් 15 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉතාලියේ සිට අද අළුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ, කාර්ය භාර කළමනාකරු සඳහන් කළේ, ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් බවයි. ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන ගියේ ය. ඒ විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාව යටතේයි. පිරිස බැටික්ලෝ කැම්පස් ආයතනය වෙත රැගෙන යාමට බස් රථ 5ක් තිබේ.