මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර

පතල් කැණීම් බලපත්‍රය එක් දිනකින් නිකුත් කිරීමට සැළසුම්

by Staff writer 10-03-2020 | 5:14 PM

COLOMBO ( News 1st ) -  මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ.

එම අධිකාරිය පැවසුවේ පතල් කැණීම සඳහා එක් දිනකින් බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි. දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් අඩු ආදායම් ලබන පවුල් සඳහා ආදායම් දිරි ගැන්වීමට වාණිජ පතල් කර්මාන්තය සඳහා බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කරන බව අධිකාරිය සඳහන් කළේ ය.